Skip to content

ASIS&T යනු      

තොරතුරු විද්‍යා හා තාක්‍ෂණ සංගමය (Association for Information Science and Technology , ASIS&T) යනු තොරතුරු විද්‍යා භාවිතය සහ පර්යේෂණ අතර පරතරය පියවන එකම වෘත්තීය සංගමයයි. වසර 85 කට ආසන්න කාලයක සිට, ASIS&T තොරතුරු වෙත ප්‍රවේශය වැඩි දියුණු කිරීම සඳහා නව සහ වඩා හොඳ න්‍යායන්, ශිල්පීය ක්‍රම සහ තාක්ෂණයන් සෙවීමට නායකත්වය ලබා දෙයි.

ලොව පුරා රටවල් 50ක තොරතුරු විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ පර්යේෂකයන්, සංවර්ධකයන්, වෘත්තිකයන්, සිසුන් සහ ආචාර්යවරුන් දහස් ගණනක් අපගේ සාමාජිකයින් වේ. ඔවුන් විසින්, ASIS&T ඔවුන්ගේ වෘත්තීය සංවර්ධනයේ වැදගත් කොටසක් බවට පත් කරගෙන ඇත.

සංගමයේ සාමාජිකයින් තොරතුරු ගබඩා කිරීම, සමුද්ධරණය, විශ්ලේෂණය, කළමනාකරණය, සංරක්ෂිත කිරීම සහ බෙදා හැරීම වැනි ක්‍රම සහ ඒවා වැඩිදියුණු කිරීම වැනි ක්ෂේත්‍ර පිළිබඳ උනන්දුවක් දක්වයි.

දැක්ම

තොරතුරු විද්‍යා හා තාක්ෂණ පර්යේයේෂණයන්හි ප්‍රමුඛතම ගෝලීය හඬ බවට පත් වී​ම සහ එහි ප්‍රායෝගික භාවිතයන් වර්ධනය සඳහා පර්යේෂකයන්ගෙන් සහ වෘත්තිකයන්ගෙන් සමන්විත ප්‍රජාවක් ගොඩනැංවී​ම.

මෙහෙවර

සංගමයේ මෙහෙවර වන්නේ තොරතුරු විද්‍යාව හා තාක්‍ෂණය පිළිබඳ පර්යේෂණ සහ භාවිතය ඉදිරියට ගෙන යාමයි.

සාරධර්ම

ASIS&T යනු ගෝලීය සාරධර්ම අගය කරන ප්‍රජාවකි:

  • අන්තර් ශික්ෂණ භාව​ය (Interdisciplinarity), මක්නිසාද යත්, ASIS&T විසින් සලකනු ලබන තොරතුරු සම්බන්ධ ගැටළු සහ විසඳුම් පිළිබඳ විවිධ විෂය ක්ෂේත්‍රවල ප්‍රවීණයන් දැනුවත් විය යුතු බැවිනි;
  • තොරතුරු විද්‍යාවේ පර්යේෂණ සොයාගැනීම් ඉදිරිපත් කිරීම​ට, සන්නිවේදනය කිරීම​ට සහ ප්‍රකාශයට පත් කිරීම​ට අවස්ථාව දීම මගින් දැනුම (Knowledge) බෙදා ගැනීම, එසේ දැනුම ව්‍යාප්ත කිරීම සංගමයට සහ සමාජයට විශාල වශයෙන් ප්‍රයෝජනවත් වන බැවිනි:
  • පුද්ගලයන්, සමාජය සහ ලෝකය අතර තොරතුරු විද්‍යාව සහ තාක්‍ෂණ දැනුම වැඩි දියුණු කිරීම සඳහා යාවජීව ඉගෙනුම (Lifelong Learning);
  • සමානාත්මතාවය, විවිධත්වය සහ ඇතුළත් කිරීම (Equity, Diversity, and Inclusion), ​එමඟින් ලොව පුරා විවිධ පුද්ගලයින් රාශියක් හරහා තොරතුරු විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ සහ භාවිතයන් ඉදිරියට ගෙන යාම සහතික කිරීම සිදු වන බැවිනි;
  • තොරතුරු විද්‍යාව සහ තාක්‍ෂණය පුද්ගලයන්, ප්‍රජාවන්, සංස්කෘතීන් සහ සමාජයන් කෙරෙහි විශාල වශයෙන් බලපෑම් (Impact) ඇති කරන බැවිනි;
  • තොරතුරු විද්‍යාව සහ තාක්‍ෂණය දියුණු කිරීම සඳහා උනන්දුවක් දක්වන පර්යේෂකයන් සහ වෘත්තිකයින්ගෙන් සමන්විත ප්‍රජාවක් (Community) බැවිනි;
  • සංගමයේ මූල්‍ය අවශ්‍යතා සහ සාමාජිකත්වයේ ප්‍රතිලාභ තුලනය කරමින් විවෘත ප්‍රවේශය (Open Access) ඇති කිරී​ම.

ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වෘත්තීය සංගමය ලෙස, ASIS&T:

  • ශිෂ්‍ය ශාකා සහ කලාපීය ශාකා හරහා වෘත්තීය සංවර්ධනය සහ නායකත්ව අවස්ථා ලබා දෙයි.
  • ක්ෂේත්‍රය පුරා විහිදී සිටින වෘත්තිකයන්, පර්යේෂකයන්, සිසුන් සහ සංවිධාන, විශේෂ උනන්දුවක් දක්වන කණ්ඩායම් හරහා සහ වාර්ෂික සමුළු වලදී සම්බන්ධ කරයි.
  • පර්යේෂණ සහ සංවර්ධනය සම්බන්ධ ප්‍රකාශන සංස්කරණය කිරීම, ප්‍රකාශ කිරීම සහ බෙදා හැරීම
  • මාර්ගගත වැඩමුලු හරහා වැදගත් වෘත්තීය අධ්‍යාපනය ව්‍යාප්ත කිරීීම.
  • පර්යේෂණ සහ සංවර්ධන ප්‍රවර්ධනය සහ තොරතුරු වෘත්තිකයන්ගේ අධ්‍යාපනය සඳහා ප්‍රමුඛ මණ්ඩලයක් ලෙස ක්‍රියා කරයි.
  • ASIS&T ප්‍රජාව හරහා වෘත්තීය සබඳතා ඇතිි කර ගැනීමට අවස්ථා ලබාදීම.

ASIS&T සාමාජිකයින් පහත ක්ෂේත්‍ර නියෝජනය කරයි:

  • තොරතුරු විද්‍යාව
  • පරිගණක විද්‍යාව
  • වාග් විද්‍යාව
  • කළමනාකරණය
  • පුස්තකාලයාධිපතිත්වය
  • ඉංජිනේරු විද්‍යාව
  • නීතිය
  • වෛද්‍ය විද්‍යාව
  • රසායන විද්‍යාව
  • අධ්‍යාපන

සම්පූර්ණ උපායමාර්ගික සැලැස්ම මෙතැනින් බාගත කළ හැකිය.